Bambaragala, Theldeniya, Sri Lanka.

The birth place of the Buddha.

Hiriwadunna, Habarana, Sri Lanka..

The place of enlightenment of the Buddha.

Isinbessagala, Madawachchiya, Sri Lanka.

The place of the first sermon of the Buddha.

Budugala, Balangoda, Sri Lanka.

The place of Parinibbana (passing away) of the Buddha.

කොසොල් මහරජතුමා බුද්ධ දේශය ලංකාව බව තහවුරු කරදීමට නැඟී සිටියි

පූජ්‍ය මූකලන්ගමුවේ  පඤ්ඤානන්ද ස්‌ථවරයන්වහන්සේගේ නවත ම පර්යේෂණ කෘතිය වන ‘කොසොල් මහරජතුමා බුද්ධ දේශය ලංකාව බව තහවුරු කරදීමට නැඟී සිටියි’ යන ග්‍රන්ථය පසුගිය දා විහාර පරිශ්‍රයේදී එළි දැක්විය.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ස්වාමීන්වහන්සේලා කිහිපනමක් මෙන් ම ගිහි පින්වතුන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ. 

සිය පර්යේෂණට නිමිති වූ කරුණු කාරණා සහ ගවේෂණ කාර්යයේදී උන්වහන්සේ සොයා දැනගත් වැදගත් තොරතුරු මෙන් ම එහිදී විමර්ශනය ලක්වූ එතිහාසික ස්ථාන විස්තර පිළිබඳව ද  උන්වහන්සේ මෙහිදී වැඩි දුරටත් පැමිණි සිටි පිරිස දැනුවත් කළ සේක.